රංජන්ගේ දුරකථන සංවාද ගැන රස පරීක්ෂක විමර්ශන ඇරඹේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද(13) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මෙම සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.
මීට අමතරව රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාසයේ තිබී සොයාගත් බලපත්‍ර කල්ඉකුත් වූ ගිනි අවිය ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස අධිකරණය නියෝග කළේය.
ඒ අනුව මෙම හඬපට සහ ගිනි අවිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම හඬපටවල අඩංගු සංවාද කුමක් ද යන්න පිළිබඳවත් එම හඬපටවල අනුපිටපත් සහ ඒ සඳහා භාවිත කළ පරිගණක දත්ත පිළිබඳවත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.
18891 Views
Comments