ජලයෙන් යටවූ මාර්ගයේ බසය ධාවනය කළ රියදුරු- කොන්දොස්තර රිමාන්ඩ්

පොළොන්නරුව මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප‍්‍රදේශය ගංවතුරෙන් යටවී තිබියදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් ධාවනය කළ පෞද්ගලික බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා දෙසැම්බර් 27 දක්වා බන්ධනාගාර ගතකරන ලෙස පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාසේකර මහත්මිය ඊයේ(21) නියෝග කළා.
අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය සහ අපරීක්‍ෂාකාරී ක‍්‍රියාවකින් මරණය සිදුකිරීමට තැත්කිරීම ඇතුලූ චෝදනා ගණනාවක් සම්බන්‍ධයෙන් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ නියෝග කෙරුණා.
මෙසේ බන්ධනාගර ගත කෙරුණේ පෞද්ගලික බස් රථයේ රියැදුරු වන පොළොන්නරුව, තඹාලපාර අංක 398 ලිපිනයේ පදිංචි පොල්වත්තේ ගෙදර රුවන් පුෂ්පකුමාර යන අය සහ රියසහායක මාතලේ, මඩවල උල්පත,අංක 214 ලිපිනය පදිංචි රත්නායක රාළලාගේ අසංක ප‍්‍රසාද් රත්නායක යන දෙදෙනායි.
මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය, මාර්ගය ගංවතුරට යටවී තිබියදී මනම්පිටිය සහ පොළොන්නරුව, ගල්ලෑල්ල ප‍්‍රදේශය හරහා ධාවනය කරමින් සිටියදී ගංවතුරට ගසාගෙන ගොස් ඇත. බසය සහ මගීන් 54දෙනා පොලීසිය මහත් පරිශ්‍රමයකින් පසු බේරාගෙන ආරක්‍ෂිත ස්ථානකරා රැගෙන පැමිණි බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියාසිටියා.
පොළොන්නරුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළා.
804 Views
Comments