යතුරුපැදිවලින් පැමිණ මාල කැඩූ කල්ලියට මතක හිටින පාඩමක් උගන්වයි

වව්නියාව පාලමොට්ටයි ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්ගත් කාන්තාවකගේ මාලයක් කැඩීමට පැමිණි කොල්ලකරුවන් පිරිසක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදුන් බවට ඕමන්ත පොලීසිය පවසනවා.
පාලමොට්ටෙයි වලයාන්කට්ටු පරසන්කුලම් ප්‍රදේශයේ කාන්තාවක් මාර්ගයේ ගමන්කරමින් සිටින අතර තුරදී යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් තිදෙනෙකු විසින් කාන්තාවගේ රන්මාලය කැඩීමට උත්සහ දරා ඇති අතර එහිදී කාන්තාව කැගැසීමත් සමග අසල්වාසීන් විසින් කොල්ලකරුවන් පසුපස ලුහුබැඳ ගොස් ඉන් කොල්ලකරුවන් දෙදෙනෙකු අල්ලාගෙන ඇති අතර අනෙක් කොල්ල කරු පලා ගොස් තිබෙනවා.
අනතුරුව කොල්ලකරුවන් පිළිබඳව ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් පසුව ඕමන්ත පොලීසිය අදාල ස්ථානයට පැමිණ කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පලා ගිය අනෙක් කොල්ලකරුද අත්අඩංගුවට ගැනීඹට පරික්ෂණ ක්‍රියාත්මකයි.
658 Views
Comments