කොවිඩ් එන්නත ලබාදීමට රුපියල් 1000 ක අල්ලස් ගත් කොළඹ මහනගර සභා සේවකයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

කොවිඩ් එන්නත ලබාදීමට රුපියල් 1000 ක අල්ලස් ගත් කොළඹ මහනගර සභා සේවකයෙකු අත්අඩංගුවට

කොවිඩ් එන්නත ලබාදීමට රුපියල් 1000 ක අල්ලස් ගත් කොළඹ මහනගර සභා සේවකයෙකු අත්අඩංගුවට

කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට අනුයුක්තව සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකු කොවිඩ් එන්නත ලබාදීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ගන්නා අවස්ථාවේදී මරදාන පොලිස් නිලධාරීන් විසින් අද (06) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

බස්නාහිර බුද්ධි කොට්ඨාසය වෙත ලද තොරතුරක් මත මරදාන පොලීසියේ නිලධාරීන් එම වැටලීම සිදුකර තිබුණි.

 

මරදානේ කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදෙන ස්ථානය ආසන්න ප්‍රදේශකයදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ එම එන්නත ලබාදීම සඳහා ජනතාවගෙන් යම් පුද්ගලයෙකු මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ඇත්නම් ඒ පිළිබඳ පොලීසියට පැමිණිළි කරන ලෙසය.

views

816 Views

Comments

arrow-up