රංජන් දුරකථන ඇමතුම් 15,000ක හඬපට සභාගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

රංජන් දුරකථන ඇමතුම් 15,000ක හඬපට සභාගත කරයි

රංජන් දුරකථන ඇමතුම් 15,000ක හඬපට සභාගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් ඊයේ (22) දිනයේදී තමන්ගේ දුරකථන ඇමතුම් 15,000ක හඬපට අඩංගු සී.ඩී. තැටි පාර්ලිමේන්තුව වෙත ලබාදුන් බව හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 

 


හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ බඩුමිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීම විවාදය අතරතුරදීය. 

 


එම විවාදය පැවැත්වෙන මොහොතේදී රංජන් රාමනායක මහතා තමන් සතුව තිබුණු හඬපට 15,000ක් අඩංගු සී.ඩී. තැටි විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව වෙත භාරදුන් බවයි හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ. 

 

views

687 Views

Comments

arrow-up