DEC
31
මොහොමඩ් රූමි රිමාන්ඩ්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි ලබන 6 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද නියෝග කළා.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට මුල්‍ය අනුග්‍රහය දැක්වූ බව පැවසෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අද (31) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුවයි.
රූමි මොහොමඩ්ට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.
1042 Views
Comments