වැලිකඩ බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

වැලිකඩ බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක්

වැලිකඩ බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක්

වැලිකඩ බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

 


බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ බන්ධනාගාරය තුළින් පළා යමින් සිටි රැඳවියෙකු නවතා ගැනීම සඳහා අදාළ වෙඩි තැබීම සිදු කළ බවයි.

 


බන්ධනාගාර තාප්පය මතින් එම රැඳවියා පැනීමට උත්සහ කිරීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් එහිදී රැඳවියාගේ සිරුරේ ඉහළ කොටසේ ස්ථානයකට වෙඩි වැදීම සිදුව තිබෙන බවත් වාර්තා වුණා.
පසුව අදාළ රැඳවියාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 


මේ අතර අදාළ වෙඩි තැබීමේදී බන්ධනාගාර නිලධාරියෙකුටද තුවාල සිදු වී තිබෙනවා. ඒ එක් අන්තයක සිට සිදු කළ වෙඩි තැබීමක් වැරදීමකින් නිලධාරියෙකුට වැදීමෙන්.
අදාළ නිලධාරියාවද මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

 

views

599 Views

Comments

arrow-up