ශ්‍රීපාදය වදින්න PHI ලිපිය අනිවාර්යයි - උඩමළුව වරකට බැතිමතුන් 200කට සීමා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

ශ්‍රීපාදය වදින්න PHI ලිපිය අනිවාර්යයි - උඩමළුව වරකට බැතිමතුන් 200කට සීමා කරයි

ශ්‍රීපාදය වදින්න PHI ලිපිය අනිවාර්යයි - උඩමළුව වරකට බැතිමතුන් 200කට සීමා කරයි

ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් උඩු අඩුවී රැඳී සිටීමට හැකි බැතිමතුන් සංඛ්‍යාව 200කට සීමා කර තිබෙනවා.

 

මේ අතර වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන් අනිවාර්යෙන් තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු අතර කොවිඩ් ආශ්‍රිතයෙකු නොවන බවට සහතික කළ ලිපියක් තමන් පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් රැගෙන ආ යුතුයි.

 

ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීම සදහා පැමිණිය හැකි සියලුම පිවිසුම් මාර්ග ආවරණය වන පරිදි පැය 24 පුරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

 

එළඹෙන අඟහරුවාදා යෙදෙන උදුවප් පොහොය දිනයෙන් මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කෙරෙන බවයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සඳහන් කළේ.

 

 

 

views

708 Views

Comments

arrow-up