කෝටි 5ක මුදල් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

කෝටි 5ක මුදල් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

කෝටි 5ක මුදල් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 6කට අධික ආසන්න මුදලක්  හා හෙරොයින්  මත්කුඩු ග්‍රෑම් 310 සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

 

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ගෙන තිබිය දී මෙරට දී අත්අඩංගුවට ගත් විශාලතම මුදල මෙය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

 

මෙම මුදල් බැංකුවේ තැන්පත් කිරීම සඳහා සැකකරු සන්තකයේ තබා ගෙන තිබී ඇති බවයි සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ.

 


සැකකාරිය ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ කඩුවෙල සහ වැලිවිට ප්‍රදේශවල  සිදු කළ වැටලීම් වලදීය.

 


අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

 

views

799 Views

Comments

arrow-up