APR
17
දුරදිග ගිය පවුල් ආරවුල මරණයකින් අවසන් වෙයි

කන්දේනුවර හුනුගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය ස්වාමි පුරුෂයා විසින් සිය බිරිඳ මෙලෙස ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.
මියගොස් ඇත්තේ 35 හැවිදිරි හුනුගල ඇල්කඩුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කන්දේනුවර පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
285 Views
Comments