තොන්ඩමන්ගේ අවමගුලට ගිය ‘කොරෝනා ලක්ෂණ ඇති මාධ්‍යවේදියාගේ’ PCR වාර්තාව නිකුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

තොන්ඩමන්ගේ අවමගුලට ගිය ‘කොරෝනා ලක්ෂණ ඇති මාධ්‍යවේදියාගේ’ PCR වාර්තාව නිකුත් කෙරේ

තොන්ඩමන්ගේ අවමගුලට ගිය ‘කොරෝනා ලක්ෂණ ඇති මාධ්‍යවේදියාගේ’ PCR වාර්තාව නිකුත් කෙරේ

හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් උත්සවය ආවරණයට කර දින කිහිපයකින් කොරෝනා වසංගත රෝග ලක්ෂණ පහළ වීම නිසා ස්වයං නිරෝධායානය වී සිටි මාධ්‍යයවේදියාගේ PCR පරීක්ෂණ වාර්තාව අනුව ඔහුට වෛයිරසය වැළදී නැතැයි තහවුරු වී තිබෙනවා.

 

 


වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිලධාරියකු පැවසුවේ අදාළ පරීක්ෂණ වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ගේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි.

 


හැටන් දිඹුල ප්‍රදේශයේ දමිළ පුවත් පත් කිහිපයක ප්‍රාදේශිය මාධ්‍යයවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත් , රියදුරෙකුත් මෙම අවමංගල උත්සවයට එක්ව සිටියා.


අදාල මාධ්‍යයවේදියා අභවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබු අවස්ථාව මාධ්‍යය ආවරණ කටයුතු සදහා එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

 


අනතුරුව තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරිමෙන් පසු එම මාධ්‍යයවේදියාට රෝග ලක්ෂණ කිහිපයක් මතු වි ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.
එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා ඔහුට රෝගි ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර් පරික්ෂණයක්ද සිදු කරගෙන තිබෙනවා.

 


යලිත් වතාවක් ඔහුව පි.සි.ආර් පරික්ෂණයකට යොමු කරන බවයි වාර්තා වන්නේ.

 

 

views

1525 Views

Comments

arrow-up