කුවේට් රාජ්‍ය සිටින ලාංකිකයන් අනතුරේ – වෛද්‍ය සංගමය තත්ත්වය පෙන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

කුවේට් රාජ්‍ය සිටින ලාංකිකයන් අනතුරේ – වෛද්‍ය සංගමය තත්ත්වය පෙන්වයි

කුවේට් රාජ්‍ය සිටින ලාංකිකයන් අනතුරේ – වෛද්‍ය සංගමය තත්ත්වය පෙන්වයි

කුවේට් රාජ්‍යය විසින් කොරෝනා ලෝක වසංගත තත්ත්වයේදී ලෝකය විසින් පිළිගත් සම්මුතීන් වලින් බැහැරව කටයුතු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

 

ඔවුන් ශ්‍රී ලාංකික ඇතුළු විදේශ ශ්‍රමිකයන් පිටත් කර යැවීමේ දී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර නැති බවත් ඉතා සමීපව කුඩා කුටි වලදී ඔවුන් රදවා ඇති බවත් සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියා.

 

මේ නිසා එරටින් ශ්‍රී ලංකාවට එන සියලුම දෙනාට කොරෝනා ආසාදනය වීමට වැඩි ඉඩක් ඇතැයි ද ඔහු සඳහන් කර සිටියා.

 

එමෙන්ම ඉදිරියේදී එරටින් ලාංකිකයන් ගෙන්වා ගැනීමේ දී තවදුරටත් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවද ඔහු පැවසුවා.

views

1473 Views

Comments

arrow-up