සිතුවම් අඳිමින් සිටි තරුණයන් පිරිසකට මැර ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

සිතුවම් අඳිමින් සිටි තරුණයන් පිරිසකට මැර ප්‍රහාරයක්

සිතුවම් අඳිමින් සිටි තරුණයන් පිරිසකට මැර ප්‍රහාරයක්

කුලියාපිටිය නගරයේ ස්ථාන කිහිපයක සිතුවම් ඇඳීමේ නිරතව සිටි තරුණයන් පිරිසකට මැර ප්‍රහාරයක් එලල් වී තිබෙනවා.

 

තමන් ඇතුලු තරුණයන් පිරිසක් සිතුවම්කරණයේ යෙදී සිටියදී ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වූ බව පොදුජන පෙරමුණේ තරුණ සංවිධානයේ සභාපති චමත් අර්ථනායක මහතා පවසනවා.

 

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු මේ වන විට කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම පහර දීම සිදුකර ඇති බවත් ඔවුන්ට එරෙහිව කඩිනම් පියවර ගත යුතු බවත් අර්ථනායක මහතා පෙන්වා දෙනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය පරික්‍ෂණ ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

views

1863 Views

Comments

arrow-up