වෙලේ සුදා කොටස් වෙළෙඳපොළටත් රිංගලා

දැනට මරණීය දණ්ඩනයට නියම වී සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා කොටස් වෙළෙඳපොළේ පවා මුදල් ආයෝජනය කර තිබෙන බව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඊයේ (09දා) අනාවරණය කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විමර්ශනවලට අනුව මෙරට විශාලතම මත්කුඩු ජාවාරම සිදු කරන්නේ වෙලේ සුදා විසින් බවද නියෝමාල් රංගජීව පැවැසීය.
දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව එසේ ප්‍රකාශ කළේය.
වැල්ලවත්ත පාලම අසළ සිට කතරගම, බුත්තල දක්වා වෙලේ සුදා සිය මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත කර තිබූ බවත්, ඔහුගේ මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා ඇතා, මුවා වැනි විශේෂිත ලාංඡන යටතේ කඩදාසි පවා මුද්‍රණය කර තිබූ බවත් නියෝමාල් රංගජීව පැවැසීය.
1014 Views
Comments