අත්අඩංගුවට ගත් පෙරටුගාමීන් 53කට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

අත්අඩංගුවට ගත් පෙරටුගාමීන් 53කට ඇප

අත්අඩංගුවට ගත් පෙරටුගාමීන් 53කට ඇප

කොල්ලුපිටියේ සහ ලිප්ටන් වටරවුමේ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් 53 දෙනෙකුට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබෙනවා. 

 

අධිකරණ නියෝග හා නිරෝධායන නීතිය කඩ කරමින් විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් සමාජවාදී පක්ෂයේ 53 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැණුනේ ඊයේ පස්වරුවේදී.

 

මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය අසල හෝ අවට ප්‍රදේශයේ ඊයේ (09) දිනයේ උද්ඝෝෂණය පැවැත්වීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබුණා.

 

 

එය කඩකරමින් හා නිරෝධායන නීතියට පිටුපාමීන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමෙරිකා තානාපති කාර්යාලය අසල විරෝධතාවක් පැවැත්වීමට උත්සාහ දැරුවා.

 

එහිදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගැණුනා.

 

ලිප්ටන් වටරවුමේදී ද අධිකරණ නියෝග නොතකමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය උද්ඝෝෂණයක නිරත වූ අතර එහිදී එම පක්ෂයේ නායක කුමාර් ගුණරත්න මහතා ඇතුළු 39 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණා.

views

825 Views

Comments

arrow-up