මුහුදේ දියනෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

වැලිගම මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
ඊයේ (04) දහවල් වැලිගම, ගන්දූව ආසන්නයේ මුහුදේ දිය නැමට ගිය තරුණයින් තිදෙනා මෙලෙස අනතුරට ලක්වී ඇත.
ඉන් තරුණයින් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකිවී තිබේ.
කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ ඒකකය විසින් මේ මස 6වන දින තෙක් මුහුදේ දිය නැමෙන් වළකින ලෙස අනතුරු අඟවා තිබියදී මෙම තරුණයින් දිය නෑමට ගොස් තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වැලිගම කොලේදණ්ඩ, ප්‍රදේශයේ පදිංචිව සිටි අබ්දුල් භාෂිත් නමැති 20 හැවිරිදි තරුණයෙකි.
ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ සිරුර මේ වනවිට හමුවී ඇති අතර වැලිගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
220 Views
Comments