අවසන් මහා ජන රැළි ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

අවසන් මහා ජන රැළි ඇරඹෙයි

අවසන් මහා ජන රැළි ඇරඹෙයි

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අද (02) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වනවා.

 

ඉන්පසුව කි‍්‍රයාත්මක නිහඬ කාලය තුළ අපේක්ෂකයින් ප‍්‍රවර්ධනය කිරීමේ කිසිදු කටයුත්තක් සිදු කළ නොහැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ.

 

මේ අතර, මහමැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂවල නායකයින් සහභාගී වන අවසන් ජන රැළි අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන රැළි මාලාව අද හම්බන්තොට නගරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන රැළිය අද රාතී‍්‍ර 07.30 ට පැවැත්වීමට නියමිතව ඇත්තේ තංගල්ල නගරයේදීයි. 

 

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම පක්ෂයේ අවසන් ජන රැළිය අද රාතී‍්‍ර 08.00 ට මරදාන සුදුවැල්ල ප‍්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

 

සමගි ජනබලවේගයේ අවසන් ජන රැළිය පක්ෂ නායක හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද රාතී‍්‍ර 09 ට පැවැත්වෙන්නේ කොළඹ අලූත්කඬේ උසාවිය අසලදීයි.

 

ජාතික ජන බලවේගයේ අවසන් ජන රැළිය පක්ෂ නායක කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප‍්‍රධානත්වයෙන් රාතී‍්‍ර 07 ට කොළඹ අලූත්කඬේ ජුම්මා මස්ජිද් වීදිය අසලදී පැවැත්වීමට නියමිතයි.

 

views

714 Views

Comments

arrow-up