අගමැති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සාකච්ඡාවකට එන්න කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

අගමැති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සාකච්ඡාවකට එන්න කියයි

අගමැති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සාකච්ඡාවකට එන්න කියයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන 28 වැනිදා සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.

 


මේ වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොරෝනා මර්ධන රාජකාරීවලින් සහ බෝවන රෝග පිළිබඳ රාජකාරීවලින් ඉවත්ව සිටින්නේ මහ මැතිවරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් සිය පාර්ශ්වයට නීතිමය බලයක් ලබානොදීම සහ අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි හට විරෝධය පළ කිරීමක් ලෙසයි.

 


සිය නිලධාරීන් ආරම්භ කර ඇති මෙම වර්ජනයට වෘත්තීය සමිති 20 ක් පමණ සහය දක්වා ඇති බවයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ නෙත් මහතා  සඳහන් කළේ. 
මැතිවරණ සමයේ කොරෝනා මර්ධනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල පැවරීමට අදාළව ඉදිරිපත් කළ චක‍්‍රලේඛ කෙටුම්පත නීතියට පටහැනි බවයි නීතිපති දප්පුල ද ලිවේරා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට  දන්වා තිබුණා  ඒ සම්බන්ධයෙන් ද ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කරුණු දැක්වුවා. 

 


එහිදී පෙන්වා දුන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට රැගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව සිය පාර්ශ්වයට සහය දෙන අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

 

 

 

views

788 Views

Comments

arrow-up