ලෝක රූ රැජින කිරුළ ජැමෙයිකා සුරූපිනියට (VIDEO / PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

ලෝක රූ රැජින කිරුළ ජැමෙයිකා සුරූපිනියට (VIDEO / PHOTOS)

ලෝක රූ රැජින කිරුළ ජැමෙයිකා සුරූපිනියට (VIDEO / PHOTOS)

2019 ලෝක රූ රැජින ලෙස ජැමෙයිකාව නියෝජනය කළ විසි තුන් හැවිරිදි ටෝනි-ඈන් සිං කිරුළු පැළදුවා.

 

ටෝනි-ඈන් සිං ගායිකාවක සහ නිරූපණ ශිල්පිනියක ද වනවා. ජැමෙයිකාවේ මොරැන්ටා බේමිදී උපත ලැබූ ටෝනි-ඈන් අවුරුදු නවයක් වෙද්දී පවුලේ අය සමග ඇමරිකාවට පැමිණ තිබෙනවා.

 

ඇය ෆ්ලොරිඩාවේ තලහාසී විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර යළි ජැමෙයිකාවේ පදිංචියට ටෝනි-ඈන් ජැමෙයිකා රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමෙන් පසු ලෝක රූ රැජින තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

 

ලෝක රූ රැජින තේරීමේ තරගය නැගෙනහිර ලන්ඩන් එක්සෙල් රඟහලේදී පැවැත් වුණා.

 

ජැමෙයිකාව මීට පෙර අවස්ථා තුනකදී ලෝක රූ රැජින කිරුළ දිනාගෙන තිබෙනවා. ඒ 1963 සහ 1993 යන වසරවලදීයී.

 

ලෝක රූ රැජින තරගාවලිය මෙවර පැවැත්වුණේ හැට නමවන වරටයි. දෙවැනි ස්ථානය හිමි වූයේ ප්‍රංශ සුරූපිනියක වන ඔපෙලී මෙසීනෝ යි. දෙවැනි ස්ථානයට පත්වූයේ ඉන්දියාවේ සුමාන් රාඔ්. 

 

රටවල් එකසිය විස්සක් නියෝජනය කරමින් සුරූපිනියෝ මෙම ලෝක රූ රැජින තරගාවලියට එක්ව සිටියා

 

 

 

 

 

 

 

views

827 Views

Comments

arrow-up