ලංකාපුරෙන් තවත් කොරෝනා ආසාදිතයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ලංකාපුරෙන් තවත් කොරෝනා ආසාදිතයෙක්

ලංකාපුරෙන් තවත් කොරෝනා ආසාදිතයෙක්

ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 07 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2822ක් වනවා.

 

අද දිනයේදී වාර්තා වූ රෝගීන් ගෙන් 06 දෙනෙකු එක්සත් ආරාබි එමීර් රාජයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කොට සිටි පුද්ගලයින් වන අතර අනෙක් රෝගීයා ලංකාපුර ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටින්නේ. මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කළ ආරක්‍ෂක භටයෙකුට බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ.

 

අලුතින් හමුවූ කොරෝනා ආසාදිත පුද්ගලයා සහ ඔහුගේ සමීපතමයින් ආගිය තැන් සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඒ පිරිස් වෙන්කර තැබීමට සහ අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග මේවන විට ගනිමින් තිබෙන බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියේ.

 

කන්දකාඩුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ පුනරුත්ථාපන කඳවුරෙන් කොරෝනා පොකුරු හමුවීමෙන් පසුව ලංකාපුර ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් පමණක් මේ වනවිට කොරෝනා රෝගීන් 11 දෙනෙකු හමුවී ඇත.

 

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී සිටියි රෝගීන් 2514 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් සිට ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 297ක් වනවා.

 

 

views

700 Views

Comments

arrow-up