මහේෂ් සේනානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (24)

ජාතික ජනතා පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (24දා) සවස 5.00ට පදනම් ආයතනයේදී එළිදක්වන බව ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මහේෂ් සේනානායක මහතා පවසනවා.
ජාතික ජනතා පක්‍ෂයේ බලන්ගොඩ ප්‍රදේශයේ සාමාජිකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකින් පසු පැවැති මාධ්‍ය හමුවකකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහේෂ් සේනානායක මහතා,
"එදාට මේ රටේ සෑම කෙනෙකුටම දැනගන්න පුළුවන් අපේ ප්‍රතිපත්ති මොනවද කියලා. පැහැදිලිවම අපි ළඟ සුරංගනා කතා නැහැ. අපි බොරු කතා කරන්නෙ නැහැ. අනිකුත් අපේක්‍ෂකයන් ලබාදෙන බොරු පොරොන්දුවලට අපි සම්බන්ධ වෙන්නෙ නැහැ.
ජනතාව තව තවත් රවට්ටන්න තමයි අනික් අය හදන්නෙ. ජනතාව බුද්ධිමත්ව තේරුම් අරගෙන රැවටෙන්නෙ නැතිව දැන්වත් ඡන්දය හරියට පාවිච්චි කරලා නිර්පාක්‍ෂික ජනාධිපතිවරයෙකු පත් කරගන්න කටයුතු කරන්නෙ ඕන. අපි විතරයි නිර්පාක්‍ෂික ජනාධිපතිවරයෙක් ගැන කතා කරන්නෙ.
අපි එන්.ජී.ඕ. (NGO) නඩ සමග කිසිම සම්බන්ධතාවක් නැහැ. එවැනි සම්බන්ධතාවක් තිබෙනවා නම්, අපි රටේ මෙවැනි කාර්ය්‍යයක නියැළෙන්නේ නැහැ. අපි නිර්පාක්‍ෂිකයි. එවැනි බලවේගයකින් තමයි මේ රට වෙනස් කරන්න ඕන. අපට වෙනස් කරන්න හැකියාව තිබෙනවා. අපි අනිවාර්යයෙන්ම වෙනස් කරනවා" යනුවෙන් පවසා සිටියේය.
963 Views
Comments