මුස්ලිම් පල්ලි තවුහිද් ජමාද් ලෙස ලියාපදිංචි වෙලා

‘‘තවුහිද් ජමාද්’’ මුස්ලිම් පල්ලි ලෙස ලියාපදිංචි කිරීමක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ සිදුකර නොමැති අතර ‘‘තවුහිද්’’ නමින් පල්ලි 16 ක් ශ්‍රීලංකාවේ පිහිටුවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර අතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඊයේ (23) කරුණු වාර්තා කර තිබෙනවා.
එසේම ‘‘තවුහිද්’’ සංවිධානවල පරිපාලනය යටතේ ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් පල්ලි 80 ක් ස්ථාපිත කර ඇති බවද එම අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සිය ප්‍රකාශයේ සඳහන් කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරුණා.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මොහොමඩ් රිෆායිදින් මොහොමඩ් මලික් යන අය මෙම ප්‍රකාශය ලබාදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් එලෙස අධිකරණයට දැනුම් දී තිබෙනවා
Source : Lankadeepa
1494 Views
Comments