MAY
17
තමන්ට එරෙහි නිර්දේශ බල රහිත කරන්නැයි අනුර කුමාර ගොනුකළ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම විසින් තමාට එරෙහිව කර තිබෙන නිර්දේශයන් බල රහිත කිරීමේ රිට් ආඥාවක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහත්වරුන් විසින් ඉදිරිපත් කර තිබු පෙත්සම් විභාගය සඳහා දින නියම කර තිබේ.
සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ රුවන් ප්‍රනාන්දු යන විනිසුරුවරුන් ඉදිරියේදී මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී එය විභාගයට එළඹෙන මැයි මස 25 වන දිනට කැඳවන ලෙස නියම කෙරුණා.
source: adaderana
748 Views
Comments