ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට සුදානම්වන දවස මෙන්න...
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට සුදානම්වන දවස මෙන්න...

ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට සුදානම්වන දවස මෙන්න...

ඉදිරි සතියේදීත් බාහිර සමාජයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම සාමාන්‍ය තත්ත්වයට පත්වුවහොත් පොසොන් පොහොයෙන් පසු දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් වීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

 

ඒ අනුව රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා දැනට පනවන ඇඳිරි නීතිය හා ඉරිදා දිනයන්ට පනවන ඇඳිරි නීතියද ඉවත් වීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

 

කොරෝනා සමග ජීවත් වෙමින් රට සාමාන්‍යකරණය වීම නිසා මෙම තීන්දුව ගැනීමට නියමිතයි.

 

ලබන ජුනි 04 හා 05 දෙදින රටපුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර ජුනි 06 සෙනසුරාදා සිට සුපුරුදු පරිදි රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

views

1991 Views

Comments

arrow-up