තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා නීති අනුව කරන්න - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා නීති අනුව කරන්න - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නියෝගයක්

තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා නීති අනුව කරන්න - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නියෝගයක්

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවන ලද නීතිරීතිවලට අනුව සිදුකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.



තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව අද (31) පස්වරුවේ කොටගල, නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා සීමිත පිරිසක් සහභාගී කරවා ගන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව ‍තොණ්ඩමන් මහතාගේ පවුලේ සාමාජිකයින්ට සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට ද දන්වා යවා ඇතැයි වාර්තා වේ.



තොණ්ඩමන් මහතාගේ අවසන් සිදුකෙරෙන නෝර්වුඩ් ක්‍රීඩාංගණයට විශාල පිරිසක් සහභාගී කරවාගැනීමට යන බවට ලැබී ඇති ආරංචි හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර ඇත.

views

691 Views

Comments

arrow-up