කිරිදිවැලදී අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

කිරිදිවැලදී අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට

කිරිදිවැලදී අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට

කිරිදිවැල, මැද්දෙගම ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ පොලිස් විශේෂ කාර්යය බලකයේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

 

සැකකරු සතුව තිබී කඩු තුනක් සිය භාරයට ගෙන ඇති අතර ඔහු 36 හැවිරිදි මාහේනවත්ත, මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

 

සැකකරු පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

views

819 Views

Comments

arrow-up