ප්‍රකාශයක් ඕනෙ නම් නිවසට එන්න - මෛත්‍රී පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට දන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

ප්‍රකාශයක් ඕනෙ නම් නිවසට එන්න - මෛත්‍රී පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට දන්වයි

ප්‍රකාශයක් ඕනෙ නම් නිවසට එන්න - මෛත්‍රී පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට දන්වයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අගෝස්තු 26 වන දා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි දැනුම් දී තිබුණි.

නමුත් තමාට එම පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවත් සිය කොළඹ නිවසට පැමිණ ප්‍රකාශ ලබා ගන්නා ලෙසත් හිටපු ජනාධිපතිවරයා කොමිසමට දැනුම් තිබේ.

ඒ අනුව ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ විමර්ශන නිලධාරීන් විසින් එම නියමිත දිනයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර හිටපු පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (21) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි දැනුම් දී තිබුණද ඔහු ඊයේ දින එම ඒකකයට පැමිණ තිබුණේ නැත.

එම ප්‍රකාශය ලබාදීම අගෝස්තු 31 වැනි දා කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණෙන බව හිටපු අග්‍රාමාත්‍යවරයා කොමිසමට දැනුම් දී ඇති බව වාර්තා වේ.

 

views

829 Views

Comments

arrow-up