මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළ ගියේය.
අද දිනයට මීට පෙර වාර්තා වු ආසාදිතයින් 17 දෙනා කුවේට් රාජ්‍යයේ සිට ලංකාවට පැමිණ ත්‍රිකුණාමාලය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.
මේ අතර අද දිනය තුළ පුද්ගලයින් 14 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියේය.
ඒත් සමඟ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 674 ක් දක්වා ඉහළ ගියේය.
ආසාදිතයින් 434 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවල දැක්වෙයි.
අද වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් මිය ගොස් තිබේ.
625 Views
Comments