වෛරස් උණක් නිසා ගිරිබාව පැරකුම්පුර ජාතික පාසල වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

වෛරස් උණක් නිසා ගිරිබාව පැරකුම්පුර ජාතික පාසල වසා දමයි

 වෛරස් උණක් නිසා ගිරිබාව පැරකුම්පුර ජාතික පාසල වසා දමයි

මහව, ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයට අයත් යාය 3, පැරකුම්පුර ජාතික පාසල අද (29) සිට තාවකාලිකව වසා දැමුණා.

 

ඒ වෛරස් උණක් පැතිර යාම හේතුවෙන්. මේ වන විට එම පාසලේ විදුහල්පතිවරයා සහ ළමයින් 80කට වැඩි පිරිසක් මෙම උණ රෝගයෙන් පෙළෙන බව ද වාර්තා වේ.

 


පාසල නැවත විවෘත කරන දිනයක් මෙතෙක් දැනුම් දී නැහැ. යාය 3, පැරකුම්පුර ජාතික පාසලේ ඉගෙනුම ලබන මුළු සිසුන් ගණන 900 කට ආසන්නයි.

 

views

724 Views

Comments

arrow-up