ලක්ෂ 50ක ගජමුතු 4ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

ලක්ෂ 50ක ගජමුතු 4ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ලක්ෂ 50ක ගජමුතු 4ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ලක්ෂ 50කට අලෙවි කිරීමට සුදානම් කර තිබු ගජමුතු 4ක් සමඟ සැකකරුවෙකු හිගුරක්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

 

පොළොන්නරුව විෂ මත්ද්‍රවය වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් හිගුරක්ගොඩ, අක්කර 70 ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගැනුණා. 

 

අත්අඩංගුවට ගත් සැකකරු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් හිගුරක්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරු හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

828 Views

Comments

arrow-up