චීනයෙන් ආනයනය කළ අති නවීන දුම්රියක් පරීක්ෂණ ධාවනයක
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

චීනයෙන් ආනයනය කළ අති නවීන දුම්රියක් පරීක්ෂණ ධාවනයක

චීනයෙන් ආනයනය කළ අති නවීන දුම්රියක් පරීක්ෂණ ධාවනයක

චීනයෙන් ආනයනය කරන ලද අති නවීන දුම්රියක් අද මරදාන සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා පරීක්ෂණ ධාවනයක් සිදු කෙරුණා.

 

චීනයේ නිෂ්පාදිත මැදිරි අටකින් සමන්විත පවර් සෙට් වර්ගයේ මෙම දුම්රිය භෝජනාගාරයක් ද සහිතය. එය ඉදිරිපස සහ පිටුපස එන්ජින් දෙකක් ඇති අතර අති නවීන පහසුකම්වලින් සමන්විතයි.

 

මෙම දුම්රිය පළමු පන්තිය වායුසමනය කර ඇති අතර ඊට අමතරව දෙවන පන්තිය හා තුන්වන පන්තිය ද ඉතාමත් සුබෝපභෝගී ආසන හා අනෙකුත් පහසුකම්වලින් සමන්විතයි.

 

පැයට කිලෝමීටර් කිලෝ මීටර් 120 ක වේගයෙන් ධාවනය කළ හැකි මෙම දුම්රිය කඳුකර ප්‍රදේශයේ මාර්ගවල ධාවනය සඳහා වඩාත් සුදුසු බැවින් දුම්රිය උඩරට ප්‍රදේශවල ගමනා ගමන කටයුතු සඳහා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වනවා.

 

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අංශයේ නිලධාරින් සහ මෙම දුම්රිය ආනයනයේ දී චීනයෙන් පැමිණි විශේෂ තාක්ෂණික ඉංජිනේරු කණ්ඩායම ද මෙම පරීක්ෂණ ධාවන කටයුතු නිරීක්ෂණය සිදු කර තිබෙනවා.

 

views

837 Views

Comments

arrow-up