මහින්ද දේශප්‍රියගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

මහින්ද දේශප්‍රියගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

මහින්ද දේශප්‍රියගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

 

 


ඉදිරියේදී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමට තිබීම මැතිවරණ නීති රීති සංශෝධනය කිරීම ආදී කරුණු හේතුවෙන් මහින්ද දේශප්‍රිය මහතාගේ සේවය තවදුරටත් අවශ්‍ය බවද ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත නොහැකි යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබේ.

 

 


ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් එවමින් සඳහන් කර ඇත්තේ ඉල්ලා අස්වීම පිළිගත නොහැකි බව ජනාධිපතිවරයාගේ දැනුම්දුන් බවය.

 

views

864 Views

Comments

arrow-up