අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් ප්‍රියංකර ජයරත්න නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් ප්‍රියංකර ජයරත්න නිදහස්

අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් ප්‍රියංකර ජයරත්න නිදහස්

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා, එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුවලින් නිදහස් කෙරුණා.

 

අදාළ නඩුව පවරා ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරු තිදෙනාගේ අනුමැතියකින් තොරව බැවින් යළි නඩු පැවරීමට යටත්ව නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීති නිලධාරීන් අධිකරණයට දැනුම් දීමෙන් ඔහු මෙලෙස නිදහස් කෙරුණා.

 

ඒ අනුව ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව නගා තිබූ චෝදනා දෙකෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළා.

 

අල්ලස් කොමිසම විසින් ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරය දැරූ සමයේ ශ්‍රීලංකන් කේටරින් සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් මාරවිල ගම්බද කේටර්ස් ආයතනයට ගෙවීම සඳහා ශ්‍රීලංකන් කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා පෙළඹවීම ඇතුළු චෝදනා දෙකක් යටතේයි.

views

689 Views

Comments

arrow-up