දන්සැල් පවත්වන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරගෙන් කිසිදු අවසරයක් නැහැ

දන්සැල් සංවිධාන කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු අනුමැතියක් ලබාදී නැතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ප‍්‍රකාශ කළා.
දන්සැල් සංවිධානයට හෝ වියලි ආහාර සලාක බෙදාදීමට ඒ අනුව අවස්ථාව නොපවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් නිවසේ සිටම පොසොන් උත්සවය සමරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. එම තත්වය යටතේ දන්සැල් පැවැත්වීම කිසිසේත් සුදුසු නොවන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කළේ.
721 Views
Comments