විදෙස්ගත ලාංකිකකයින් මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

විදෙස්ගත ලාංකිකකයින් මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

විදෙස්ගත ලාංකිකකයින් මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීම කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප නොකරන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය යටතේ විදෙස් රටවල සිටින ලාංකිකයින් දින කිහිපයකට වරක් මෙරටට රැගෙන ඒම වඩා සුදුසු බවයි.

 

මේ වනවිට කුවෙට් සිට පැමිණි Covid-19 ආසාදිත වූ කාන්තාවන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරනවා

 

ලාංකිකයින් ගෙන්වා ගැනීමේදී නිරෝධායන මධ්‍යස්ථානවල ධාරිතාව මෙන්ම වෛද්‍ය අංශ ධාරිතාව පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇති බව ද ඔහු පැවසී ය.

 

මේ අතර විදෙස්ගත තවත් ලාංකිකයින් 20000 පමණ දිවයිනට පැමිණීමේ බලාපොරොත්තු‍වෙන් පවසුවන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

views

678 Views

Comments

arrow-up