එජාපය සත්තු හොය හොයා යනවා. අපට හංසයා ප්‍රශ්නයක් නෑ - ගීතා

එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ඡන්ද ලකුණක් සොයා ගැනීමට නොහැකිව පසුවන බවත් තමන්ට නම් හංසයා ප්‍රශ්නයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂිකා, ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
"දැන් බලන්න එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන දේ දිහා බලන්න. සත්තු හොය හොයා යනවා. දැන් අලියා නෑ, අලියාගෙ හදවතත් නෑ. අලියත් නෑ. කැරකිලා කැරකිලා දැන් ඇවිල්ලා ආපහු හංසයා ගාවට. අපට හංසයා ප්‍රශ්නයක් නෑ" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.
ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (16) බෙන්තර - ඇල්පිටිය ආසනයේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් අමතමිනි.
මෙම රැස්වීම අමතමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලබාදෙන්නේ උගත්, බුද්ධිමත්, දේශපාලන අත්දැකීම් සහිත පුද්ගලයින්ට පමණක් බවත් එවන් අය සොයාගෙන යනවිට බෙන්තර - ඇල්පිටිය ආසනයෙන් ගීතා කුමාරසිංහ මහත්මිය හමුවුණු බවත්ය.
689 Views
Comments