මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගෙලිඔය බටුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයන් දෙදෙනෙක්.
මිතුරන් පිරිසක් සමඟ ගම්පොල කොත්මලේ මාර්ගයේ අටබාගේ නාන තොටුපොල ආසන්න ස්ථානයක දිය නාමින් සිටියදීයි ඔවුන් මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ.
ජීවිතක්ෂයට පත්වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු ගම්පොළ ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කෙරුණා. ගම්පොල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනවා.
715 Views
Comments