විපක්ෂය ලෙස රටේ ඉදිරි ගමනට උපරිම සහය ලබා දෙන්න සූදානම් - අපි ඒක එළිපිටම කියනවා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

විපක්ෂය ලෙස රටේ ඉදිරි ගමනට උපරිම සහය ලබා දෙන්න සූදානම් - අපි ඒක එළිපිටම කියනවා

විපක්ෂය ලෙස රටේ ඉදිරි ගමනට උපරිම සහය ලබා දෙන්න සූදානම් - අපි ඒක එළිපිටම කියනවා

විපක්ෂය ලෙස රටේ ඉදිරිගමනට උපරිම සහාය ලබා දෙන බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

 

තලවතුගොඩ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සමග පැවති හමුකදී ඒ මහතා මෙම අදහස් පල කළා.

 

"නූතන විපක්ෂයක් හැටියට අප කටයුතු කළ යුත්තේ කුමන ආකාරයට ද මොකද්ද විපක්ෂයේ කාර්යභාරය විපක්ෂයේ කාර්යභාරය ජනසම්මතවාදය ට මුල්තැන දී ජනතාවට ශක්තිය ලබා දී රටේ ජනතා බලාපොරොත්තු වුණු එම ක්‍රියාදාමය එලෙසම ඉදිරියට ගෙන යාමයි.

 

 ජනතාවට සැලසෙන ජනතාවට සෙත සැලසෙන රටේ ජනතාවට අගතියක් නොවන ක්‍රියාදාමයන් සාක්ෂාත් කර ගැනීමට ප්‍රායෝගික විපක්ෂය සහයෝගය දෙන්නට ඕන, අපි දකින නූතන විපක්ෂයේ කාර්යභාරය අන්න ඒකයි.

 

ජනතා ඡන්දයෙන් පත්වන සෑම සියලු දෙනාම අපි සමාජ ගිවිසුමක් සඳහා ප්‍රවේශ වෙනවා ජනතාවත් සමග අපි ලෑස්තියි එම සමාජ ගිවිසුම අනුව ඉදිරියට යමින් ජනතාව ජයග්‍රහණය කරපු ජනතාවාදී වැඩ කටයුතු සඳහා උපරිම සහයෝගය ලබා දෙන්න. ඒක අපි එළිපිටම ප්‍රකාශ කරනවා."

views

599 Views

Comments

arrow-up