මහ මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියරයක් පානය කර දිවි බේරාගත් ධීවරයා දිවයිනට

“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍යව සිට දිවි බේරාගත් ධීවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව මඟින් අද (01) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන විත් තිබේ.
පසුව ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඔහුව ඇතුළත් කර ඇත.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්ත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් ‘MV KOTA CAMIL’ නමැති වෙළෙඳ නෞකාවක් මඟින් ඊයේ (30) දින මුදවා ගැනීමට කටයුතු කර තිබුණි.
එම ධීවරයින් ගොඩබිමට රැගෙන එන අතරතුර එක් ධීවරයෙකු ‘MV KOTA CAMIL’ නෞකාව තුළදී ජීවිතක්ෂයට විය.
අසාද්‍ය තත්ත්වයේ සිටි අනෙක් ධීවරයා විජයබාහු නෞකාව වෙත ඊයේ සන්ද්‍යාවේදී භාර ගෙන තිබුණි.
මෙම බහුදින ධීවර යාත්‍රාව ඉකුත් 6 වනදා තංගල්ල ධීවර වරායෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවට ධීවර කටයුතු සඳහා යාත්‍රා කොට ඇත්තේ ධීවරයන් 6 දෙනෙකුද සමගිනි.
ඔවුන් ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි අතරවාරයේ මුහුදේ පාවෙමින් තිබූ යම් බෝතලයක තිබූ දියරයක් මත්පැන් වර්ගයක් යැයි සිතා පානය කර ඇත.
ඉන් පසුව ඔවුන් රෝගාතුර වී ධීවරයින් හය දෙනාගෙන් සිව්දෙනෙකුම එම යාත්‍රාවේදීම මියගොස් තිබුණි.
මෙලෙස මියගොස් තිබුණේ යාත්‍රාවේ ස්කිපර්වරයා වන 42 හැවිරිදි නයන කාන්ත , 24 හැවිරිදි පැතුම් දිල්ශාන්, 32 හැවිරිදි සුජිත් සංජීව, 33 හැවිරිදි ප්‍රදීප් නිශාන්ත සහ 68 හැවිරිදි අජිත් කුමාර යන ධීවරයින් 5 දෙනාය.
218 Views
Comments