හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ ගරු රඟපෑමෙන් ලාංකිකයෝ රැසක් අමාරුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ ගරු රඟපෑමෙන් ලාංකිකයෝ රැසක් අමාරුවේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ ගරු රඟපෑමෙන් ලාංකිකයෝ රැසක් අමාරුවේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සම්මානනීය රංග ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය රඟපෑමක් යැයි ප්‍රසිද්ධවීමත් සමඟ යුරෝපා රටවල් රැසක් සහ ඇමෙරිකාව මෙරට පුරවැසියන්ට වීසා නිකුත් කිරීමේදී දැඩි පිලිවෙතක් අනුගමනය කරන බව වාර්තා වේ. 

 

ඇමෙරිකාව, කැනඩාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල්වලට වීසා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට වීසා ගැනීම සඳහා සති ගණනාවක් බලා සිටීමට සිදුව ඇති බවත් මෙරට පවතින ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු හේතුවෙන් බොහෝ පුද්ගලයන් සංචාරක වීසා මස විදේශගතව දේශපාලන රැකවරණ ඉල්ලා සිටින බවත් දැනගන්නට තිබේ.

 

එම තත්වය පිළිබඳව අවදානය යොමු කර වීසා නිකුත් කිරීමේදී දැඩිව විමසිලිමත් වන ලෙස ප්‍රධාන රටවල්වල තානාපති කාර්යාලවලට උපදෙස් ලැබී ඇති බවත් දේශපාලඥයන්, ඔවුන්ගේ දරුවන් සහ ඥාතින් වීසා ඉල්ලුම් කිරීමේදී දැඩිව සොයා බලන ලෙස උපදෙස් දී ඇති බවත් පැවසේ.

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය මූලිකරගෙන ඒ මහතා කැනඩාවට ගොස් එරට දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බව වාර්තා වේ. 

views

223 Views

Comments

arrow-up