සියලුම රජයේ සේවක වැටුප් අද(23)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

සියලුම රජයේ සේවක වැටුප් අද(23)

සියලුම රජයේ සේවක වැටුප් අද(23)

සියලුම රජයේ සේවකයින් සඳහා නියමිත වැටුප අද(23) දිනයේ ලබාදීමට තීරණය කර තිබේ.

 

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල මහතාට උපදෙස් ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

 

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ පැතිරයාමත් සමග රාජ්‍ය සේවයේ නියුතු පිරිස් වෙනුවෙන් සිය සේවා කටයුතු පවත්වාගෙන යාම සදහා මෙලෙස වැටුප් ලබාදීමට  පියවර ගෙන ඇති බව එම ඒකකය සඳහන් කළාය.

 

කෙසේවෙතත් පසුගිය සිකුරාදා වන විට බොහෝ රාජ්‍ය සේවකයින් සදහා වැටුප් බැංකු ගත කිරිමට පියවර ගෙන ඇති අතර සෙසු රාජ්‍ය සේවකයින් සදහා අද දිනයේ දී වැටුප් බැංකු ගත කිරිමට නියමිතයි.

views

541 Views

Comments

arrow-up