ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අද

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද දිනය ප්‍රකාශයට පත් කර ඇත.
අද දිනය තුළ නිවෙස්වල රැඳී සිටිමින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීම සඳහා සහය පල කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කළේ.
ජනාධිපතිවරණයට අදාළ නිළ ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ලබන 09 වන දින අවසන් කිරිමට නියමිතයි.
එම දිනයෙන් පසුව නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබු ඡන්ද හිමියන්ට අදාළව තැපැල් කාර්යාලය වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවයි තැපැල්පතිවරයා සඳහන් කළේ.
904 Views
Comments