ජාතික නිදහස් උලෙළේ ජාතික ගීය සිංහලෙන් පමණයි - ආරක්ෂක ලේකම්

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
ජනාධිපතිතුමන් ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සම්ප්‍රාප්ත වීමෙන් පසු ජාතික ධජය ඔසවන අවස්ථාවේදී ජාතික ගීය ගායනා කරන බවත් ආරක්ෂක ලේකම්වරයා අද කොළඹ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා.
දැනට භාවිත ජාතික කොඩිය සිංහයාගේ සලකුණේ යම් නිවැරදිතාවයක් ඇති විය යුතු බවට සමාජයේ නොයෙක් අංශ වලින් යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඒ සියල්ල ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාගෙන තිබෙන බවද ආරක්ෂක ලේකම්වරයා පැවසුවා.
ඒ පිළිබඳ කරුණු සලකා බලා කටයුතු කිරීමට විශාල වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතු බවත් එම නිසා මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී දැනට භාවිත ජාතික ධජයම භාවිත කරන බව ආරක්ෂක ලේකම්වරයා සදහන් කළා.
ආසන අතර පරතරය තබා ගනිමින් මෙවර උළෙලට සහභාගී වන ආරාධිත අමුත්තන් ද සීමා කර ඇති බවත් පැමිණෙන ප්‍රභූවරුන් අමුත්තන් රජයේ නිලධාරීන් සෞඛ්‍ය මාර්ගඋපදේශ වලට යටත්ව කටයුතු කරමින් මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.
696 Views
Comments