පෞද්ගලික බැංකු සේවිකාවන් 8කට කොරෝනා - බැංකු ශාඛාව වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

පෞද්ගලික බැංකු සේවිකාවන් 8කට කොරෝනා - බැංකු ශාඛාව වසා දමයි

පෞද්ගලික බැංකු සේවිකාවන් 8කට කොරෝනා - බැංකු ශාඛාව වසා දමයි

සේවිකාවන් අට දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ හේතුවෙන් රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ශාඛාවක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

 

පසුගිය සතියේ දී එක් සේවිකාවකට කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් පසු බැංකුවේ ආශ්‍රිත සේවිකාවන් PCR පරීක්ෂණය සඳහා යොමු කර තිබුණා.

 

ඔවුන්ගේ ප්‍රතිඵල වාර්තාවලින් අනාවරණය වී ඇත්තේ තවත් හත් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි.

 

ඒ අනුව සේවිකාවන් නිරෝධායන සඳහා යොමු කර ඇති අතර එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා.

 

 

views

869 Views

Comments

arrow-up