පෙබරවාරි 09 සියලු බස් සංගම් ඒකාබද්ධ වර්ජනයකට අරඅදී

පෙබරවාරි 9 වැනිදා සිට සියලු බස් සංගම් ඒකාබද්ධව මගී බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
පවතින කොරෝනා වසංගත තත්ත්වය මත බස් රථ හිමියන් රජයෙන් කළ ඉල්ලීම් වලට නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වන බවයි ඒ මහතා සඳහන් කළේ.
ලබන දෙවැනි දා බස් රථ හිමියන් උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.
එම උද්ඝෝෂණය මඟින් කෙරෙන ඉල්ලීම් ඉටු නොවුණහොත් ලබන 9 වෙනදා දිවයින පුරා වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
674 Views
Comments