විදුලි පාරිභෝගිකයාට ජුනි මස විදුලි බිලෙහි අඩුවීමක්

අපේ‍්‍රල් මස බිල වැඩි වීමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහන ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
ජුනි මස විදුලි බිලෙහි අඩු වීමක්ද සිදුවනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක් වූ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සභාපති අතුළ ද සිල්වා පෙන්වා දුන්නේ ජුනි මාසයේ බිල්පතේ ඇති සහනයත් සමග පාරිභෝගිකයාට වැඩි වූ බිල්පතේ ගැටලුව විසඳා ගැනීමට අවස්ථාව ලැබෙන බවයි.
රට සාමාන්‍ය තත්ත්වයකට පත්වන තුරු විදුලි විසන්ධි කිරීම් නොකරන බවද ඔහු සඳහන් කළා.
778 Views
Comments