මහ මැතිවරණය ජුනි 20 පැවැත්විය නොහැකි - මැතිවරණ කොමිසමේ සභාපති අධිකරණයට දන්වයි

දැනට පවතින තත්ත්වය අනුව ජූනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය නීතිඥවරයා හරහා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව කොරෝනා වෛරසයට අදාළව කටයුතු කරන සෞඛ්‍යය අංශ ඇතුළු බලධාරීන්ගෙන් සුබදායි නිර්දේශයක් ලැබුණොත් මහමැතිවරණය ජුනි 20 පසුවී සති 9 ක් හා සති 11 ක් අතර කාලය තුළ පැවැත්විය හැකි බව මහින්ද දේශප්‍රිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට දැනුම් දී සිටියා.
1568 Views
Comments