UPDATE : හිටපු ඇමති රාජිත අධිකරණයට ඉදිරිපත් කරන්නැයි CID ට නියෝග

හිටපු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී පැවැත්වූ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඊට අදාළව රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට පත් වූයේ ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.
සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැරිණි.
කෙසේවෙතත් ඊට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය ඉදිරියේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරමින් කියා සිටියේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් නොසලකා සැකකරුට ඇප ලබා දී ඇති බවයි. සැකකරුගේ වෛද්‍ය වාර්තා නිසි පරිදි කැඳවා විමර්ශනයක් සිදුකිරීමට මහේස්ත්‍රාත්වරිය අපොහොසත් වූ බව නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් සඳහන් කර තිබිණි.
ඒ අනුව අද (13) එම ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පැවසුවේ හිටපු අමාත්‍යවරයා ඇප මත මුදා හැරීමට කොළම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් තීන්දුව මහාධිකරණය විසින් බල රහිත කරන බවයි.
537 Views
Comments