BREAKING NEWS : හිටපු ඇමති රාජිත රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

BREAKING NEWS : හිටපු ඇමති රාජිත රිමාන්ඩ්

BREAKING NEWS : හිටපු ඇමති රාජිත රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර සිටියා. ඒ, සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළවයි.

 

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය දෝෂ සහිත බවට තීන්දු කරමින් කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය අවලංගු කිරීමට අද නියෝග කළා. ඒ හිටපු ඇමතිවරයාට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

 

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ප්‍රධානය කිරීමට නිකුත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කරමින්.

views

796 Views

Comments

arrow-up