කොරෝනා එන්නත ලබා ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවත් දින තුනක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

කොරෝනා එන්නත ලබා ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවත් දින තුනක්

කොරෝනා එන්නත ලබා ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවත් දින තුනක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත ලබාදීම සිදු වූ අතර මෙතෙක් එන්නත ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබා ගැනීම සඳහා ලබන සතිය තුළ තවත් දින 3ක් ලබා දී තිබෙනවා.

 

නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ දී මේ මස 23, 24 සහ 25 යන දිනවලදී උදෑසන 08.30 සිට මධ්‍යහන 12.00 දක්වා ස්වෙච්ඡාවෙන් පැමිණ එන්නත ලබාගත හැකියි.

 

පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම සඳහා ලබන සතිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් කොළඹට පැමිණීමට නියමිත අතර හේතුවෙන් එම දිනයන් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.

 

views

669 Views

Comments

arrow-up